හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද (31) උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන එනු ලැබුවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී සිදුකර බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව, දේහය අද පෙ.ව 10.00 සිට ප.ව 2.00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරනු ඇති.
පස්වරු 2.00ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ගොස් එහිදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත වනවා.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ලතා වල්පොල මහත්මිය පසුගිය 27 වනදා පස්වරුවේයි අභාවප්‍රාප්ත වූයේ.
මියයන විට ලතා වල්පොල මහත්මිය 91 වන වියේ පසුවුණා.
වර්ෂ 1934 දී උපත ලැබු රීටා ජෙනවිට් ප්‍රනාන්දු පසුකාලීනව ලතා වල්පොළ යන නමිනුයි ජනාදරයට පාත්‍ර වූයේ.
ඇය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරනු ලබන්නේ වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසයි.
එතුමිය මේ වනවිට ගීත හයදහසකට අධික සංඛ්‍යාවක් ගායනා කර ඇති අතර ඒ අතර විදෙස් භාෂා ගීත ද ඇතුළත්.
සිනමාවේ සදාකාලික ‘ගී රාජිනිය’ යන අන්වර්ථ නාමයෙන් ද ලතා වල්පොල මහත්මිය හදුන්වනු ලබනවා.
1953 වසරේ දී එදා රෑ චිත්‍රපටයෙන් සිනමා පසුබිම් ගායනයට පිවිසි ඇය ගෙවුණු දශක කිහිපය තුළ තම හඬ දායකත්වය ලබා දී ඇති චිත්‍රපටි ගණන 600කට අධිකයි.
සරසවි සම්මාන 5ක්, ජනාධිපති සම්මාන 2ක්, කලාශුරි සම්මානය ඇතුළු සම්මාන රැසකින් ලතා වල්පොල මහත්මිය පිදුම් ලැබුවේ ඇය සතු වූ සුවිශේෂි ගායන කෞශල්‍යය හේතුවෙන්.










