කොහුවල, බෝධියත්ත ප්රදේශයේ වෙඩි තැබීමට අදාලව සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පිරිස අතර යතුරුපැදියේ පැදිකරු, ගිනි අවිය භාරව කටයුතු කළ සැකකරු, ගිනි අවි ප්රවාහනය කළ සැකකරු හා අපරාධකරුවන්ට නවාතැන් පහසුකම් ලබා දුන් සැකකරු වන බවයි සඳහන්.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසිනුයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් කළුබෝවිල ප්රදේශයේදී කොටුකර ගැනීමටයි පොලිසිය සමත්ව තිබෙන්නේ.
සැකකරුවන් අවුරුදු 25, 28, 33 හා 45 වයස්වල පසුවන දෙහිවල ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.











