උණුසුම් පුවත්

උඩදුම්බරට භූ චලනයක්

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) පස්වරු 5.05ට පමණ සුළු භූ චලනයක් සිදුව තිබෙනවා.

එය රික්ටර් මාපකයේ ඒකක 2.2ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන්.

මඬුල්ල, කලවල, මහවල, උඩපිටවල, තේමණ්ඩිය, පපුකන්ද යන ප්‍රදේශවල ජනතාවට මෙම කම්පනය දැනී ඇති බවද වාර්තා වනවා.

කෙසේවෙතත්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ එය සුළු කම්පනයක් බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවයි.

Shares: