දේශීය

අපරාධයකට සම්බන්ධ අයෙක් ගිනි අවියක් සමග අල්ලයි

අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු ගිනි අවියක් සමඟ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (12) පස්වරුවේ මාලබේ තලාහේන ප්‍රදේශයේදීයි එම විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත්තේ.

මෙම පුද්ගලයා 2025 වසරේ නොවැම්බර් මස 14 වනදා බොරැල්ල ප්‍රදේශයේ දී කාන්තාවකට කඩුවකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ අපරාධයේ ප්‍රධාන සැකකරුයි.

ඔහු සතුව තිබූ T56 වර්ගයේ ගිනි අවියක්, එම පතරොම් ගැබක්, එම ජීව පතරොම් 10 ක් හා විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 27 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

හෝමාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Shares: