ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ තම වැඩපිළිවෙලට විරුද්ධව කටයුතු කරන රටවලට එරෙහිව නව තීරු බදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.
ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව පවසා ඇත්තේ.
කෙසේ නමුත් නව තීරුබදු පනවනු ලබන්නේ කුමන රටවලටද යන්න හෝ එම එම රටවලට එරෙහිව අනුගමනය කරන බදු ප්‍රතිපත්තිය කුමක්ද යන්න පිළිබඳව ඔහු හෙළිකර නැහැ.
ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ට්‍රම්ප්ගේ තීරණයට ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය ඇතුළු රටවල් රැසක් සිය විරුද්ධත්වය දැනටමත් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ට්‍රම්ප් අවස්ථා රැසකදී ප්‍රකාශ කළේ අමෙරිකාවේ ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය අත්‍යවශ්‍ය බවත්, එය පහසු වුවත් අපහසු වුවත් කෙසේ හෝ අත්පත් කරගන්නා බවයි.
“ජාතික ආරක්ෂාව සඳහා අපට ග්‍රීන්ලන්තය අවශ්‍යයි. ග්‍රීන්ලන්තය සමග ඔවුන් එකග නොවන්නේ නම්, මට එම රටවල් මත තීරුබදු පැනවිය හැකියි” යනුවෙනුයි ට්‍රම්ප් ඊයේ සඳහන් කර ඇත්තේ.
ග්‍රීන්ලන්තය ජනාකීර්ණ නොවන නමුත් සම්පත්වලින් පොහොසත් භූමියක් වනවා.
උතුරු ඇමරිකාව සහ ආක්ටික් අතර පිහිටා ඇති ග්‍රීන්ලන්තය, මිසයිල ප්‍රහාරවලදී අමෙරිකාවට පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සඳහා සහ කලාපයේ යාත්‍රා නිරීක්ෂණය කිරීමට සුදුසු ස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.











