උණුසුම් පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

එම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එම්. ප්‍රේමසිරි, නවරත්න බණ්ඩා, බී.එම්. දීපාල් ගුණසේකර සහ සමන්සිරි හේරත් විසින්.

එමෙන්ම පියසෝම උපාලි සහ උපාලි අමරසිරි යන හිටපු මන්ත්‍රීවරුන්ද මේ සම්බන්ධයෙන් තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව, යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත්, පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවටත්, තීන්දුවක් ලබාදෙන ලෙස ඔවුන් අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

Shares: