ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ක්‍රමයක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් හඳුන්වා දී තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ ධීවරයින්ගේ ක්‍රය ශක්තිය අනුව ඔවුන්ගේ අභිමතය මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම හඳුන්වා දී තිබීමයි.
ඒ අනුව නව ධිවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ, ධීවරයින්ගේ ක්‍රය ශක්තිය හා කැමැත්ත අනුව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකවීමට අවස්ථාව හිමි ව තිබෙනවා.
එහිදී රු 5,000, රු 10,000, රු 15,000, රු 20,000, රු 25,000 හෝ ඊට වැඩි ආදි වශයෙන් අභිමතය පරිදි වයස අවුරුදු 60න් පසුව මාසිකව ලබාගත හැකි ඕනෑම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයකට දායකවිය හැකියි.











