එංගලන්තයට එරෙහිව අද (22) ආරම්භ වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 271ක් රැස්කිරීමට සමත් වුණා.
ඒ අනුව එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක් හිමිවුණා.
ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ කුසල් මෙන්ඩිස් ඉනිම අවසන්වන විටත් කඩුල්ලේ රැදී සිටිමින් පන්දු 117කින් ලකුණු 93ක් රැස්කිරීමට සමත් වුණා.
ඊට අමතරව මැදපෙළ පිතිකරු ජනිත් ලියනගේ ඉවසිලිවන්ත ලකුණු 46ක් රැස්කිරීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු පන්දු 53කට මුහුණ දුන්නා.
ලංකා ඉනිමේ අවසාන් පන්දුවාර කිහිපයේ දී එක්වූ දුනිත් වෙල්ලාලගේ පන්දු 13කින් ප්‍රහාරාත්මක ලකුණු 25ක් රැස්කිරීමට සමත් වුණා.











