යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගය කඩුලු 09ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.5ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 58ක්.
අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 59ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 12ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා.











