දේශීය

දකුණ මුහුදේ දී ඇල්ලූ යාත්‍රා දෙකට මත්ද්‍රව්‍ය සැපයූ තවත් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

දකුණ මුහුදේ දී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 290කට අධික තොගයක් සමග නාවික හමුදා භාරයට ගත් බහු දින ධීවර යාත්‍රාවලට මත්ද්‍රව්‍ය සැපයූ බවට සැක කෙරෙන තවත් යාත්‍රාවක් සහ සැකකරුවන් 05දෙනෙකු මිරිස්ස ධීවර වරායේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසිනුයි අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දැනට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දීලීෂ 03 නම් මෙම බහුදින ධීවර යාත්‍රාව මගින් දකුණු මුහුදේදී භාරයට ගත් ධීවර යාත්‍රා වෙත මත්ද්‍රව්‍ය තොගයක් ලබා දී ඇති බවයි.

පසුගිය සිකුරාදා දිනයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබිය දී මෙලෙස නාවික හමුදාව භාරයට ගත් ධීවර යාත්‍රා සහ සැකකරුවන් ඊයේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.

එම සැකකරුවන් 11දෙනා අධිකරණයට ඉදිරිපත් කර දින 07ක රැදවුම් නියෝග ලබා ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

Shares: