දේශීය

ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් අතුරුදන්වීමට පොලීසියේ 02ක් අත්අඩංගුවට

මතුගම පොලීසියේ පිස්තෝලයක් සහ පතොරම් 10ක් සමඟ මැගසිනයක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජනවාරි 26 වන දින සිට අදාළ අවිය සහ උණ්ඩ අස්ථාන ගත වී ඇති බවටයි ලේඛන පරීක්ෂාවේදී අනාවරණය වී තිබුණේ.

මෙලෙස අස්ථාන ගතවී තිබුණේ මතුගම පොලීසියේ උප සේවා භාරයේ තිබු පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ 10ක් සහිත පතරොම් ගැබක්.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ මතුගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

Shares: