පසුගියදා නාවික හමුදාව මගින් භාරයට ගෙන දික්ඕවිට ධීවර වරායට රැගෙන එන ලද රුපියල් කෝටි 300 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළා.
කිලෝ ග්‍රෑම් 263 ක මත්ද්‍රව්‍ය තොගය සහ අත්අඩංගුවට ගත් ධීවරයින් එකොලොස් දෙනා දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අද අධිකරණයට ඉදිරිපත් කළේ.
ඉන් අනතුරුව පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේ අදාළ මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසයි.
ඉකුත් 25 වනදා සැකකාර ධීවරයින් එකලොස් දෙනා ගමන් ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 109.422 සහ හෙරොයින් කිලෝග්‍රෑම් 112.258ක් අත් අඩංගුවට ගත් අතර එම මත්ද්‍රව්‍ය තොගය ආරක්ෂිත උර 15 ක බහා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයට අනුවයි අධිකරණ රෙජිස්ටාර්වරයාගේ නිරීක්ෂණය යටතේ අදාළ මත්ද්‍රව්‍ය තොගය ලාකඩ මුද්‍රා තබා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරනු ලැබුවේ.










