සූරියකන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා සඳහන් කළේ ගෝනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාළව මොවුන් අත්අඩංගුව ගෙන ඇති බවයි.
වනජීවී ආඥා පනත උල්ලංඝනය කිරීමට එරෙහිවයි ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් හෙට (07) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.











