“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ තෝරාගත් පළාත් පාලන ආයතන 10ක් සඳහා ජංගම පුස්තකාල රථ බෙදා දීමේ සමාරම්භක උත්සවය අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කැස්බෑව සහ සීතාවකපුර නගර සභා සහ හෝමාගම, දොම්පේ, අත්තනගල්ල, මිනුවන්ගොඩ, වත්තල, බුලත්සිංහල, වලල්ලාවිට සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය සභා සඳහා නවීන පහසුකම් සහිත ජංගම පුස්තකාල රථ 10ක් සහ පොත් 9300ක ප්‍රමාණයක් බෙදා දීම සිදු වුණා.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මුදල් ප්‍රතිපාදන යටතේ බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූණා.











