මධ්‍ය පෙරදිග කලාපයේ පවතින තත්ත්වයන් අතරතුර, කටාර් එයාර්වේස් හෙට (මාර්තු 12) දිනයේ විශේෂ ගුවන් ගමන් 29ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, Doha සිට ගුවන් ගමන් 15ක් පිටත් වීමටත්, තවත් ගුවන් ගමන් 14ක් දෝහා වෙත පැමිණීමටත් නියමිතය. කටාර් ගුවන් අවකාශය තවමත් වසා තිබුණද, පසුගිය සති අන්තයේ සිට ලොව ප්‍රධාන නගර කිහිපයක් සමඟ සම්බන්ධ වන විශේෂ ගුවන් ගමන් සංඛ්‍යාව සෙමින් වැඩි කරමින් පවතින බව වාර්තා වනවා.
හෙට දිනයේ දෝහා සිට ගුවන් ගමන් ක්‍රියාත්මක වීමට නියමිත නගර අතර කොළඹ, කයිරෝ, කැසබ්ලැන්කා, ජොහැන්නස්බර්ග්, සාඕ පවුලෝ, නිව්යෝර්ක් නගරය, ෆ්‍රැන්ක්ෆර්ට්, මැඩ්රිඩ්, ලන්ඩන්, බීජිං, මුම්බායි, නවදිල්ලිය, ඉස්ලාමාබාද්, ජකර්තා සහ මැනිලා ද ඇතුළත් වනවා.
එමෙන්ම දෝහා වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන් අතර ඩලස්, ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපළ, පැරිස්, රෝමය, ජෙඩා, මස්කට්, හොංකොං, සෝල්, බැංකොක්, ක්වාලාලම්පූර් සහ මෙල්බර්න් වැනි නගර කිහිපයක්ද ඇතුළත් වනවා.
මෙම විශේෂ ගුවන් ගමන් මගින් ලොව විවිධ නගර අතර ගමනාගමන සම්බන්ධතා පවත්වාගෙන යාමට සහ අත්‍යවශ්‍ය ගමන් අවශ්‍යතා සපුරාලීමට කටාර් එයාර්වේස් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.









