රජය ප්‍රකාශයට පත් කර ඇති නිවාඩු බදාදා දින සෑම රජයේ පාසලකටම නිවාඩු දීමට පියවර ගෙන ඇති අතර, අනුමත පෞද්ගලික පාසල්වලටද එම දින පාසල් නොපවත්වන්න යන ඉල්ලීමක් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් කර ඇත.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර පාසල්වලටද මෙම ක්‍රමවේදය අනුගමනය කරන ලෙස ඉල්ලීමක් සිදුකිරීම බවය.
එමෙන්ම, සතියේ සෑම බදාදා දිනකම උපකාරක පන්ති සහ දේශන නොපවත්වන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින්ද උපදෙස් ලබාදී තිබේ.











