දකුණු කොරියාවේ ඩේජියොන් නගරයේ මෝටර් රථ අමතර කොටස් කම්හලක අද (20) ගින්නක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගින්නෙන් පුද්ගලයන් 55දෙනෙක් තුවාල ලබා ඇති බවයි. ඒ අතර 24 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද සඳහන්.
ගින්න ඇති වූ ස්ථානය, සෝල් අගනුවරට කිලෝමීටර් 160ක් දකුණේ පිහිටි ඩේජියොන් නගරයේ කම්හලක් බවයි.
දකුණු කොරියාවේ ගිනි නිවන ඒජන්සිය සඳහන් කළේ තුවාල ලැබූවන් ගණන තවත් ඉහළ යා හැකි බවයි.
මෙම සිදුවීම, කම්හලේ ආරක්ෂක පියවර හා ගිනි නිවන ක්‍රමවේද සම්බන්ධව අදාල අධිකාරීන්ගේ විශේෂ අවධානයට ලක් වී තිබෙනවා.










