රට පුරා රථවාහන භාවිතා කරන ජනතාවට සුභ ආරංචියක් ලෙස, ජාතික ඉන්ධන අවසර පත්‍රයේ QR කේත ක්‍රමය යටතේ ලබාදෙන සතිපතා ඉන්ධන කෝටාව අද (21) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.
නව සංශෝධන අනුව, විවිධ වාහන කාණ්ඩ සඳහා ඉන්ධන වෙන්කිරීම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, දෛනික ගමනාගමනයට සහ ව්‍යාපාරික කටයුතු සඳහා විශාල සහනයක් සැපයෙනු ඇත.
- නව සතිපතා ඉන්ධන කෝටාව-
- මෝටර් රථ – ලීටර් 25 (+10L)
- ත්‍රිරෝද රථ – ලීටර් 20 (+5L)
- යතුරුපැදි – ලීටර් 8 (+3L)
- බස් රථ – ලීටර් 100 (+40L)
- වෑන් රථ – ලීටර් 50 (+10L)
- ගොඩබිම් වාහන(ට්‍රැක්ටර් වැනි) – ලීටර් 40 (+15L)
සටහන: ලොරි සහ විශේෂ කාර්ය වාහන සඳහා දැනට පවතින කෝටා වල කිසිදු වෙනසක් සිදු කර නොමැත.










