ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් අද (06) දින හෝමාගම සහ අවට ප්‍රදේශ (Zone 01) සඳහා පැය 12ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කරන බව නිවේදනය කර තිබෙනවා.
අද උදෑසන 8.00 ට පාදුක්ක සහ අවට ප්‍රදේශවලට පැවති ජල සැපයුම් සීමාව අවසන් වන අතර, ඒ අනුව උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා හෝමාගම ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල සැපයුම සීමා වීම නිසා බවද මණ්ඩලය සඳහන් කර තිබෙනවා.
අවශ්‍ය ජලය පෙර සූදානම් කරගෙන දෛනික කටයුතු සැලසුම් කරගන්න!











