කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ත්‍රිකුණාමලය සිට මුලතිව්, කන්කසන්තුරේ, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මුහුදේ රළු තත්ත්වයන් සහ තද සුළං පිළිබඳ ‘ඇම්බර්’ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීම අද (05) පෙ.ව. 10.30 සිට හෙට (06) පෙ.ව. 10.30 දක්වා බලපැවැත්වෙනවා.
අනතුරුදායක ප්‍රදේශ ලෙස,
කන්කසන්තුරේ – මන්නාරම – කල්පිටිය අතර මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 60 – 70 දක්වා තද සුළං ඇතිවිය හැකි අතර මුහුද ඉතා රළු විය හැකියි.
ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරේ දක්වාත්, කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 50 – 60 දක්වා තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් අපේක්ෂා කෙරෙනවා.
රළ උස වැඩිවීමේ අවදානම, මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යා හැකියි.
එමෙන්ම හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළ ආසන්න ප්‍රදේශවල රළ පහරවල් ඇතිවීමේ හැකියාව ද පවතිනවා.
ධීවර හා නාවික කටයුතුවල නිරත සියලු දෙනාගෙන් කාලගුණ බලධාරීන්ගේ උපදෙස් පිළිපදිමින් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.
YouTube:
https://www.youtube.com/@lankahitnews
Facebook:
https://www.facebook.com/officiallankahitnews
⚫ TikTok:
@lankahitnewsofficial
✖️ Twitter/X:
https://x.com/HitNewsLanka
Website:
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:
WhatsApp: 072 746 4185
Email:
[email protected]
නවතම පුවත් ඉක්මනින්ම ලබාගන්න Lanka Hit News Page එක Follow කරලා තියාගන්න.











