දේශීය

සමන් ඒකනායක CID යෙන් පිටව යයි

සමන් ඒකනායක CID යෙන් පිටව යයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

අද (05) උදෑසන 9.30ට පමණ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ සිදුකළ සංචාරයක් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අනුවය.

Shares: