විදෙස්

ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට සියයට 25ක තවත් තීරු බද්දක්

ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට සියයට 25ක තවත් තීරු බද්දක්

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකළ අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතයට අතිරේකව තවත් 25%ක් අයකිරීමට අද (6) තීරණය කර ඇත.

ඉන්දියාව විසින් රුසියානු බොරතෙල් අඛණ්ඩව ආනයනය කිරීමට ගත් තීරණයට  ‘දඬුවමක්’ ලෙස මෙලෙස අතිරේක තීරු බදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබේ.  

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරු බදු අනුපාතය අනුව ඉන්දියාවෙන් 25%ක බදු ප්‍රතිශතයක් අයකිරීමට මීට පෙර තීරණය කර තිබුණි.

ඒ අනුව අමෙරිකාව විසින් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකළ අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 50%ක් දක්වා ඉහළ ගියේය.

Shares: