දේශීය

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (08) යෙදී තිබේ.

ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙර වස් මඟහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මෙන්ම බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම පොහොය විශාල වැදගත්කමක් උසුලයි.

එමෙන්ම පන්සල සහ ගිහියන් අතර සබඳතාව වඩාත් තහවුරු කිරීමට ද මෙම පොහොය වැදගත් වේ.

මේ අතර මහනුවර ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීථී සංචාරය කිරීමට නියමිතය.

Shares: