දේශීය

බස් රථයක් සහ ගුවන් හමුදා ඩිෆෙන්ඩරය ගැටී තුනක් රෝහලට..

හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ දී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් හා ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථයක් ගැටී තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ හිඟුරක්ගොඩ, කිඹුලාවල ප්‍රදේශයේදී අද (19) උදෑසන 7.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, බස් රථය හා ඩිෆෙන්ඩර් රථය මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථය මැදිරිගිරිය වඩිගවැව සිට හිඟුරක්ගොඩ දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර, ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථය හිඟුරක්ගොඩ සිට මැදිරිගිරිය දෙසට ධාවනය වී තිබෙනවා.

අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් ගුවන් හමුදා නිලධාරීන් තිදෙනෙකුයි තුවාල ලබා ඇත්තේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු හිඟුරක්ගොඩ පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Shares: