දේශීය

විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අල්ලයි

විදෙස් රැකියා ලබා දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු තාරේකුලම් ප්‍රදේශයේ දී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු කොරියාවේ රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයින් 150 දෙනෙකුගෙන් රුපියල් කෝටි 15කට අධික මුදලක් වංචා කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අදාළ පුද්ගලයා ළඟ තිබී ජීප් රථයක්, ඉඩමක ඇටෝනි බලපත්‍රයක් හා ජංගම දුරකථන දෙකක් ද සිය භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Shares: