රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඔහු රෝහලෙන් පිටව යන දිනයක් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂි කරුණු රැසක් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මණ්ඩලය අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සියලු රෝග සම්බන්ධ වාර්තා ඉදිරිපත් කර තිබු අතර එහි සඳහන් වී ඇත්තේ ඒ මහතාගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිර වී ඇති බවයි.











