උණුසුම් පුවත්කාළගුණය

අද ඉර මුදුන් වෙන තැන්

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු – මැද, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇති විය හැකි බවටයි සඳහන් වෙන්නේ.

තද සුළං හේතුවෙන් ඇති විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතිනවා.

ඒ අනුව, අද දහවල් 12:11ට කුමුලමුනේ, පඩිනද්දම්පොරේ, ආලන්කුලම්, තන්නියුට්ටු, වෙට්ටප්පලෙයි, මුලතිව් ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවයිඑම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Shares: