විදෙස්

බටහිර සුඩානයේ නායයෑමකින් 1000කට අධික පිරිසක් මරුට

බටහිර සුඩානයේ මාරා කඳුකර ප්‍රදේශයේ ගම්මානයකට ඇතිවූ නායයෑමකින් අවම වශයෙන් පුද්ගලයින් 1,000ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දිවි ගලවා ගෙන ඇත්තේ එක් අයෙකු පමණක් බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

දින ගණනක් පැවති අධික වර්ෂාපතනයෙන් පසු අගෝස්තු 31 වන දින නායයෑම සිදු වූවා.

මියගිය අයගේ මළ සිරුරු සොයා ගැනීමට උපකාර කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ ජාත්‍යන්තර ආධාර ආයතනවලින් සුඩානය ඉල්ලා තිබෙනවා.

මේ අතර නැගෙනහිර, ඇෆ්ගනිස්ථානයේ හටගත් භූ කම්පනයේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මෙම භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 800 ඉක්මවන අතර 2800කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයකින් යුත් මෙම ප්‍රබල භූ කම්පනය හටගෙන තිබුණේ පොළොව මතුපිට සිට කිලෝමීටර් 8ක් ගැඹුරින්.

භූ කම්පනය පාකිස්ථානයට ද දැනී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය හටගත් ප්‍රදේශයේ ජනතාව මේ වනවිට කුසගින්න සහ ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බවයි.

Shares: