දේශීය

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතින් නිලධාරීන් 585ක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතින් නිලධාරීන් 585 දෙනකු බඳවා ගැනීමට රජයේ අනුමැතිය ලැබී ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ජගත් වීරසිංහ මහතා පවසනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරීන්ගේ හිඟතාවයට විසදුමක් වශයෙන් එම පුරප්පාඩු පිරවීම සඳහායි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් අදාළ තොරතුරු 2025 අගෝස්තු 29 රජයේ ගැසට් පත්‍රයේ පලකර තිබෙනවා.

ඒ අනුව, බන්ධනාගාර නියාමක පිරිමි තනතුරු 409 ක්, නියාමක කාන්තා තනතුරු 70 ක්, බන්ධනාගාර II පෙළ ජේලර් තනතුරු 55 ක්, II පෙළ ජේලර් කාන්තා තනතුරු 07 ක්, බන්ධනාගාර II පෙළ පුනරුත්ථාපන පිරිමි නිලධාරී තනතුරු 10ක්, II පෙළ පුනරුත්ථාපන කාන්තා නිලධාරී තනතුරු 03ක් සඳහා අලුතින් බඳවා ගැනීමට නියමිතයි.

Shares: