විදෙස්

ඕස්ට්‍රේලියාවේ මාර්ග මරණවලට වඩා මෝටර් රථ වායු දූෂණය මාරාන්තිකයි

ඕස්ට්‍රේලියාවේ මාර්ග මරණවලට වඩා මෝටර් රථ වායු දූෂණය මාරාන්තික බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

එම පර්යේෂණ වාර්තාවල දැක්වෙන්නේ වාහන වායු දූෂණය වසරකට අකල් මරණ 2000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා හේතු වන බවත්, එය මාර්ගයේ වාර්තා වන වාර්ෂික මරණවලට වඩා සිය ගණනකින් වැඩි බවයි.

ඒ අනුව මාර්ග අනතුරුවලට වඩා සෑම වසරකම අකල් මරණ සඳහා මෝටර් රථ වාහනවලින් සිදුවන වායු දූෂණය වගකිව යුතු බවයි නව අධ්‍යයනය අනාවරණය කරන්නේ.

ටැස්මේනියා විශ්ව විද්‍යාලය හරහා ආරක්ෂිත වාතය (Safe Air) සඳහා වූ මධ්‍යස්ථානයේ සිදු කරන ලද සහ පාරිසරික පර්යේෂණ සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයකින් කියැවෙන්නේ රථවාහන ආශ්‍රිත වායු දූෂණය (TRAP) වාර්ෂිකව අකල් මරණ 1864 කට හේතු වන බවයි.

2025 ජූලි 31 වන දිනට පෙර මාස 12 තුළ ඕස්ට්‍රේලියාවේ මාර්ග අනතුරු 1360 ක් වූ අතර එය හා සසඳන විට ජීවිත 504 කින් වැඩිවීමක්.

එමෙන්ම මේ සම්බන්ධයෙන් පෙර පර්යේෂණ ඇස්තමේන්තු කර ඇත්තේ මාර්ග දූෂණය, ඕස්ට්‍රේලියාවේ අකල් මරණ 11,105 ක් මෙන්ම ඇදුම රෝගීන් 66,000 ක් සහ වාර්ෂිකව හෘද අසනීප සම්බන්ධ රෝගීන් රෝහල්ගත කිරීම් 12,210 ක් සඳහා වගකිව යුතු බවයි.

කෙසේ වෙතත්, පෙර අධ්‍යයනය නවසීලන්තයේ සිදු කරන ලද සමාන පර්යේෂණ මත පදනම් වූ අතර පසුව ඕස්ට්‍රේලියාවට උපුටා දක්වන ලද අතර නවතම දත්තවල දක්නට ලැබෙන පරිදි වායු දූෂණයට නිරාවරණය වීම සඳහා අවම සීමාවක් ඇතුළත් කර නැහැ.

එමෙන්ම වායු දූෂණයෙන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා සිදුවන මරණවලින් 51% කට මෝටර් රථ වගකිව යුතු බව කියනු ලබන අතර එය “ඕස්ට්‍රේලියාවේ වායු දූෂණයෙන් සිදුවන මරණවලට විශාලතම තනි මූලාශ්‍ර දායකත්වයයි.” යනුවෙනුයි පෙන්වා දෙන්නේ.

ටැස්මේනියානු අධ්‍යයනය ඕස්ට්‍රේලියාවේ වාහනවලින් පිටවන දුමෙහි ඇතුළත් නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2)හි සෞඛ්‍ය බලපෑම විශ්ලේෂණය කළ පළමු අවස්ථාව වන අතර එය අංශු ද්‍රව්‍යයේ බලපෑම් (PM2.5) ද පරීක්ෂා කර තිබෙනවා.

මෙම දූෂක ද්‍රව්‍ය මෝටර් වාහනවල පිටාර නල විමෝචනයෙන් (tailpipe emissions ) මෙන්ම තිරිංග සහ ටයර් ගෙවී යාමෙන් ද ඇති වන අතර එය පෙනහළු සහ හෘද රෝග වැනි සෞඛ්‍ය ගැටළුවලට හේතුකාරකයක් වෙයි.

පර්යේෂකයන් වාතයේ PM2.5 සහ NO2 සාන්ද්‍රණය හඳුනාගෙන ඇති අතර, ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත සමඟින්, ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ජනගහනයේ මරණ අනුපාත ගණනය කර තිබෙනවා.

එසේම රටේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්ත දෙක වන නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා, රට තුළ TRAP නිසා සිදුවන අකල් මරණවලින් හතරෙන් තුනකට ( 72.5%) පමණ වගකිව යුතු බවටද සොයා හෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊට අමතරව පොදු සහ ක්‍රියාකාරී ප්‍රවාහනයට අමතරව, plug-in hybrids (PHEV), විදුලි වාහන (EV) ඇතුළු අඩු විමෝචන වාහන සඳහා සහය දක්වන නීති සම්පාදනය හරහා මෙම මාතෘකාවට අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය ද මෙම අධ්‍යයනයෙන් අවධානය යොමු කෙරෙනවා.

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ප්‍රභව වර්ගය අනුව ගණනය කරන ලද නොමේරූ මරණ සංඛ්‍යාව පහතින්,

State Traffic-Related Air Pollution (TRAP) All-sources air pollution

New South Wales 814 1237
Victoria 538 893
Queensland 206 765
South Australia 144 264
Western Australia 151 300
Tasmania 3 149
Northern Territory 2 28
Australian Capital Territory 7 49

Nationwide* 1864 3684

Shares: