දේශීය

නේපාලයේ වෙසෙන ලාංකිකයන්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් විමසිලිමත්ව කටයුතු කරන ලෙස නේපාලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයගෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.

ඒ නිවේදනයක් නිකුත් කරමින්.

එමෙන්ම දේශීය බලධාරීන් විසින් නිකුත් කරන ලද උපදෙස් අනුගමනය කරන ලෙස ද එම අමාත්‍යාංශය දැනුම් දෙනවා.

එසේම ඕනෑම ආකාරයක සහාය සඳහා +9779851048653 උපකාරක සේවා දුරකථන අංකය හරහා ශ්‍රී ලාංකිකයින්ට කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්බන්ධ කර ගත හැකි බවයි නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Shares: