දේශීය

සැප්තැම්බර් මස අස්වැසුම දීමනාව අනිද්දා ගිණුම්වලට

2025 සැප්තැම්බර් මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අනිද්දා (12) දින අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කරන්නෙ, මෙලෙස රු.11,201,647,000.00ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,412,574ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි.

ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට සැප්තැම්බර් මස 12 වන දා සිට තමාට හිමි අස්වැසුම දීමනාව තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකියි.

Shares: