උණුසුම් පුවත්

පැය 48කට පෙර යෝග්‍යතා සහතිකයක්.. මෙන්න රියදුරන්ට වැටෙන අලුත්ම නීති..

 

රජය විසින් සියලු දුර ගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම එය ලබන මස මුල සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර, මූලික අදියර තුළ කොළඹ බැස්ටියන් මාවත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජාතික ගමනාගමන කොමිසමේ අධික්ෂණය යටතේ එය ක්‍රියාත්මක කිරීමට සුදානම් කර තිබෙනවා.

එමෙන්ම දුර ගමන් විනෝද චාරිකා බස් රථද මෙම තත්ත්ව පරීක්ෂණය සිදු කිරීම අනිවාර්ය කෙරෙන අතර, එම තත්ත්ව පරීක්ෂණයෙන් තොරව කිසිඳු දුර ගමන් විශේෂචාරිකාවක් සඳහා අනුමැතිය හිමිනොවනු ඇති බවටයි වාර්තා වන්නේ.

එහිදී කිලෝමීටර 100ට වැඩි දුරක් ගමන් ගන්නා බස් රථ ධාවනය ආරම්භයට පැය 48කට පෙර යෝග්‍යතා සහතිකයක් ලබාගැනීම සිදුකළ යුතු වනවා.

තවද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ සඳහා අවශ්‍ය උපදේශයන් චක්‍රලේඛයක් මගින් නිකුත් කිරීමට කටයුතු මේ වනවිට සූදානම් කරන අතර, මෙය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේදී රථවාහන අලුත් වැඩියාවන් සිදුකරනු ලබන ස්ථාන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පරික්ෂා කර ඔවුන්ට අදාළ පරික්ෂාවන් සිදුකර යෝග්‍යතා සහතිකයක් නිකුත් කිරීමේ බලය ලබාදීමට නියමිත වනවා.

ඒ අනුව, මෙම ක්‍රියාවලිය දිවයින පුරා සිදුකිරීමට පියවර ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

Shares: