මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
රථ වාහන කිහිපයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරත් සමග ගින්නක් ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එසේම, අනතුරින් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගතකිරීමට කටයුතු කර ඇති බවත්, ඇතැම් පුද්ගලයින්ගේ තත්ත්වය බරපතල බවත් එම වාර්තා සඳහන් කළා.











