චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගිවීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
පසුගිය (15) රාත්‍රිය් දීයි පොලිස්පතිවරයා චීනය බලා පිටත්ව ගොස් ඇත්තේ.
ඒ අනුව පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා පත් කර ඇත්තේ මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතායි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ප්‍රියන්ත වීරසූරිය මහතා චීනයේ පැවැත්වෙන සමුළුවේදී දේශනයක් පැවැත්වීමට ද නියමිතව ඇති බවයි.
අදාළ සංචාරවය නිමකරමින් පොලිස්පතිවරයා ලබන 20 වෙනිදා යළි දිවයිනට පැමිණීමට නියමිත වනවා.











