සිය පියාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අබුඩාබි නුවර සිට අද (19) දිවයිනට පැමිණියා.
ඔහු අබුඩාබිහි සිට අද උදෑසන 08.25ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි- 392 දරන ගුවන් යානයෙනුයි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ.
ඔහු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු ද පැමිණ සිටි අතර, වහා ගුවන් තොටුපොළෙන් නිශ්කාශනය වී කඩිනමින් ඉන් පිට වී ගොස් තිබෙනවා.
දුනිත් වෙල්ලාලගේගේ ආදරණීය පියා වන සුරංග වෙල්ලාලගේ මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගතව සිටියදීයි අභාවප්‍රාප්ත වී ඇත්තේ.
මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 54ක්.










