ශ්‍රී ලංකාවේ 09වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරීපත් වී අද(21)ට වසරක් සපිරෙනවා.
පසුගිය වසරේ සැප්තැම්බර් 21වනදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ඡන්ද 56 ලක්ෂ 34,915ක් ලබාගනිමින් ජනාධිපතිවරයා එය ජයග්‍රහණය කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක නව තනතුරේ දිවුරුම් දුන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් 23 වනදායි.
2021 වසරේ දෙසැම්බර් 20 වනදා ජාතික ජන බලවේගයේ නායකත්වයට පත්වන ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එහි අපේක්ෂකයා ලෙසයි.
ගතවූ වසරක කාලය ආදායම් වියදම් පරතරය අඩුවූ කාලයක් වන අතර පළමු මාස 06 තුළ පමණක් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3221 බව රජය ප්‍රකාශ කරනවා.










