ක්‍රීඩා

ඉන්දියාවට ලකුණු 172ක ඉලක්කයක්

ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වට‍යේ දෙවැනි තරගය ලෙසින් අද (21) පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය ලකුණු 171ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී යාමෙන්.

අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථානයට ආරාධනා කළා.

එහිදී පන්දුවට පහරදීමට පිටියට පිවිසි Sahibzada Farhan අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 58ක්ද, Fakhar Zaman ලකුණු 15ක්ද, Saim Ayub ලකුණු 21ක්ද, Hussain Talat ලකුණු 10ක්ද, Mohammad Nawaz ලකුණු 21ක්ද, පාකිස්ථානය වෙනුවෙන් රැස් කළා.

පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් Shivam Dube කඩුළු 02ක්ද, Kuldeep Yadav එක් කඩුල්ලක්ද, Hardik Pandya එක් කඩුල්ලක්ද දවාගත්තා.

පිළිතුරු ඉනිම සඳහා ඉන්දියාවට ලකුණු 172ක ඉලක්කයක් හිමියි.

Shares: