අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදී සිදුව තිබෙනවා.
අමෙරිකා වේලාවෙන් ඊයේ (23) පස්වරුවේයි මෙම හමුව සිදුව ඇත්තේ.
මෙහිදී මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගත් අතර, පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව කරුණු සාකච්ඡා කරනු ලැබුවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය යන මහත්වරුන් පිරිසකුයි මෙම අවස්ථාව සඳහා එක්වූයේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී විම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ අමෙරිකාවට ළඟා වුණා.
ඔහු අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ද නියමිතයි.
ජනාධිපතිවරයා එරට වේලාවෙන් අද පස්වරු 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.











