සෞඛ්‍ය තත්ත්වය මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අනුව, හිටපු ජනාධිපතිවරයා ප්‍රංශය, එංගලන්තය හෝ ඉන්දියාව වැනි රටකට යෑමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.
වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ විපක්ෂයේ වගකීම භාරගනිමින් ඉදිරි දේශපාලන කටයුතු සිදුකර ලෙස හිටපු ජනාධිපතිවරයාට පසුගියදා විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් ආරාධනා ලැබිණා.
ඒ අනුව, ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අවධානය යොමුකර ඇති අතර දේශපාලන රැස්වීම් දහසක් පැවැත්වීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අදහස් පලකර තිබෙනවා.











