දේශීය

ඔක්තෝම්බර් 1 සිට බස් ටිකට්පත් නිකුත් කිරීම අනිවාර්යයි

 

ලබන මස පළමුවනදා සිට පෞද්ගලික බස් රථවල ටිකට්පත් නිකුත් කිරීම මෙන්ම ටිකට් පත් ලබාගැනීමද අනිවාර්ය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය පවසනවා.

එහි සභාපති ගාමිණි ජයසිංහ මහතා කියා සිටියේ එසේ ටිකට්පත් නිකුත් නොකරන රිය සහයකයින්ට මෙන්ම මගීන්ටද නීතිය ක්‍රියාත්මක කරන බවයි.

එසේම මගී බස් රථවලට ජී.පී.එස් යන්ත්‍ර සවිකිරීම මෙන්ම කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ පහසුකමද මෙම වසර අවසානයට පෙර හඳුන්වාදෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

 

Shares: