රජයේ රෝහල්වල ඉන්සියුලින් ඖෂධය සති 3 කාලයකට ප්‍රමාණවත්ව පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.
ඔහු මේ බව කියා සිටියේ මෙම ඹෟෂධය හිඟ බවට පලව ඇති මාධ්‍ය වාර්තා පිළිබදව ලෝක ඖෂධවේදීන්ගේ දිනය සැමරීම වෙනුවෙන් කොළඹ ඊයේ පැවති සැමරුම් උත්සවයේදීයි.
මේ අතර නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වන නඩුවකට සිතාසි නිකුත් කර තිබියදීත් පෙනී නොසිටි නාරාහේන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂිණි පෙරේරා මහත්මිය ඊයේ නියෝග කර තිබෙනවා.










