වයස අවුරුදු 5ට අඩු දරුවන් 39 දෙනෙකු සිය මව්වරුන් සමග බන්ධනාගාර ගතව සිටින බවට තොරතුරු වාර්තා වනවා.
බන්ධනාගාර දහයක මෙම දරුවන් මව්වරුන් සමග රැඳී සිටින අතර ඒ මව්වරුන්ගේ විවිධ වැරදි හේතුවෙන්.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම දරුවන් 39 දෙනා අතරට පිරිමි දරුවන් 17 දෙනෙකු සහ ගැහැණු දරුවන් 22 දෙනෙකු සිටින බවයි.
මේ අතර අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් අතරින් නිවසේ සිට කළමනාකරණය කළ හැකි පුද්ගලයින් 500 ක් පමණ භාරකරුවන් නොමැතිව සිටින බවට වාර්තා වනවා.
ඔවුන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන් යහපත් අතට හැරී ඇති නමුත්, ඔවුන්ට තනිව ජීවත්විය නොහැකි පවුලක් යටතේ රැකවරණය ලැබ ජීවත්විය හැකි පිරිසක් බවයි අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ ජ්‍යේෂ්ඨ මනෝ විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය පැවසුවේ.
එමෙන්ම ඇය වැඩිදුරටත් කියා සිටියේ ඔවුන්ගෙන් ඇතැම් පිරිස් සිය පවුලේ සාමාජිකයින් විසින් නිවසට කැඳවා නොගන්නා තත්ත්වයක් මෙන්ම ලිපිනයක් හෝ නොමැති අය බවයි.










