විදෙස්

පිලිපීනයේ භූ කම්පනයෙන් 26කට දිවි අහිමිවෙයි

මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් මෙම භූ කම්පනය හට ගෙන ඇති බවයි.

භූ කම්පනයෙන් තවත් පුද්ගලයින් 147 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

භූමිකම්පනය හේතුවෙන් විදුලිය ඇනහිටීම් සහ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇති බව සඳහන්.

 

Shares: