උණුසුම් පුවත්

විමල්ට පොලිසියෙන් කැඳවීමක්..

 

හිටපු අමාත්‍ය විමල් වීරවංශට හෙට (06) තංගල්ල මූලස්ථාන පොලිසියේ පෙනී සිටින්නැයි දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ බෙලිඅත්තේ සනා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයකට අදාළව කරුණු විමසීම සඳහායි.

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ දී ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුවක්දණ්ඩාවේ සනා නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට ඔහුව රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවයි පොලිසිය පවසන්නේ.

ඔහු සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා මාධ්‍ය වෙත කළ අදහස් දැක්වීමක් මතයි මෙලෙස පොලිසිය වෙත කැඳවා ඇත්තේ.

ඒ අනූව හෙට පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා එම පොලිසියේ පෙනී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Shares: