දේශීය

චීන සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍යවරිය දිවයිනට

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සිය චීන සංචාරය නිමා කරමින් අද (15) අලුයම කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණි තිබෙනවා.

චීනයේ බීජිං හි පැවැත්වෙන “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025” සඳහා සහභාගී වීමටයි අග්‍රාමාත්‍යවරිය පසුගිය 11 වනදා රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේ.

මෙම සංචාරයේ දී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද ඇය සහභාගී වූවා.

එහිදී එම සංචාරය නිම කරමින් ඇය අද අලුයම 4.45ට චීනයේ ග්වැන්ෂෝ නුවර සිට ශ්‍රීලන්කන් ගුවන්සේවයට අයත් UL – 881 දරණ ගුවන් යානයෙනුයි මෙරටට පැමිණියේ.

Shares: