ක්‍රීඩා

කාන්තා ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට

බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 10කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (16) සමත් වුණා.

ඒ අනුව ඔවුන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායමයි.

විසාඛාපට්නම් හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 198ක්.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියාව පන්දුවාර 24.5කදී කිසිවකුත් නොදැවී ලකුණු 202ක් රැස්කර සිය ජයග්‍රහණය අත්පත් කර ගත්තා.

මෙම ජයග්‍රහණයේ නියමුවරියන් වූ අලීෂා හීලි (113) හා ෆෝබි ලිච්ෆීල්ඩ් (84) ක් ලෙසයි අගනා ඉනිම් රැස්කළේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ දක්වා තරග 5කට ක්‍රීඩාකර ඉන් තරග 4ක් ජයගෙන ලකුණු 9ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.

එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගය පමණක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුණා.

Shares: