ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (20) පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ ගාල්ල, හපුගල ජල පිරිපහදුව වෙත ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන්.
අද පෙරවරු 8.00 සිට පසුදින ප.ව.2.00 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය ප්‍රකාශ කළේ.
ඒ අනුව බෝපේ, පෝද්දල, අක්මීමන සහ රත්ගම යන ප්‍රදේශයන් සඳහා ජල සැපයුම අත්හිටුවනු ඇති.
මේ අතර අහංගම ප්‍රදේශයට අඩු පීඩන තත්ත්ව යටතේ ජල සැපයුම සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.
ජල සැපයුම අත්හිටුවීමෙන් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළකරන බවත් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.











