නීතිඥවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වාහනවල හඳුනාගැනීමේ ලාංඡන ඉවත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ එසේ ලාංඡන ඉවත් කිරීමට බලාපොරොත්තුවක් හෝ නොමැති බව බවයි.










