ව්‍යාපාරික

අද රන් මිල රු 20,000කින් පහළ බසී

මෙරට රන් මිල පසුගිය සිකුරාදා දිනට සාපේක්ෂව රු 60,000කින් පහළ ගොස් ඇති අතර, අද (22) දී පමණක් රන් මිල රු 20,000කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සිකුරාදා දිනයේ දී රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද පෙරවරුවේ රු. 350,000ක් දක්වා පහළ ගොස් ඇති බවයි කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එමෙන්ම “කැරට් 22” රන් පවුමක් මිල රු. 322,000ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

පසුගිය සිකුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙසයි.

Shares: